24 C
Colombo
Monday, December 11, 2023

ස්වර්ණවාහිනියට හා රංගන ද සිල්වාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක්

- Advertisement -

ප්‍රසිද්ධියේ සිදුවන ළමා හිංසනයක් සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවට හා නිවේදක රංගන ද සිල්වා මහතා හට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා.

ඒ හෙට (27) රාත්‍රියේ විකාශය වීමට නියමිත හිත ඉල්ලන තරු වැඩසටහන සම්බන්ධවයි.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණයවන වීඩියෝ පටයක දැක්වෙන්නේ පාසලක සිටින දරුවෙකුට ගුරුවරයෙක් දඩුවම් කිරීමට සූදානම් වන අවස්ථාවේදී තවත් දරුවෙකු පවසන්නේ සිය යහළුවාට නොව තමන්ට දඩුවම් කරන ලෙසයි.

එය වීඩියෝ ගත කර අදාළ ගුරුවරයා හෝ කිසියම් පුද්ගලයෙකු අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර ඊට විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ලවනවා.

දරුවන්ට දඩුවම්කිරීම මෙලෙස වීඩියෝ ගත කිරීමත්, පාසල තුළ සිදුවන දෑ වීඩියෝ ගත කිරීමත්, අනවසරයෙන් දරුවන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම යනාදී කරුණු රැසක් හේතුවෙන් මෙය ළමා හිංසනය යටතට ගැනෙන වරදක්ද වනවා.

එවැනි තත්ත්වයක් යටතේ මාධ්‍ය නාලිකාවක ප්‍රසිද්ධිය පිණිස එම දරුවාව සජීවී වැඩසටහනකට ගෙන්වා ලෝකයටම නිරාවරණය කිරීම පහත් ක්‍රියාවක් ලෙසට සමාජ මාධ්‍ය තුළින් ස්වර්ණවාහිනී නාලිකාව හා එම වැඩසටහන මෙහෙයවීමට නියමිත රංගන ද සිල්වා මහතාව විවේචනය කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් එල්ලවී ඇති විවේචන කිහිපයක් පහතින්,


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...