27 C
Colombo
Monday, May 6, 2024

සමාජ මාධ්‍ය වාරණය ගැන වෙබ් අඩවිවලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි

- Advertisement -

රජය විසින් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රවෘත්ති වෙබ් අඩවි වන News19 වෙබ් අඩවිය, MediaLK වෙබ් අඩවිය, News Center වෙබ් අඩවිය, සටහන් බ්ලොග් අඩවිය, සටහන් Youtube නාලිකාව හා එක්ස්පෝෂර් නිවුස් වෙබ් අඩවිය යන සමාජ මාධ්‍ය ආයතනයන්හී සංස්කාරකවරුන්ගේ අත්සනින් යුතුව අදාළ පැමිණිල්ල යොමු කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලෙන් ඔවුන් ඉල්ලා ඇත්තේ රජයේ මෙම අන්තනෝමතික තීරණය මගින් සිය වෙබ් අඩවිවල පාඨකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

මේ හේතුවෙන් ඊට මැදිහත්වී කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

එම පැමිණිල්ල පහතින්,

වෙත – විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොළඹ.

පැමිණිලිකරු –
තරිඳු ජයවර්ධන, සංස්කාරක, මීඩියාඑල්කේ ඩොට් කොම් වෙබ් අඩවිය
තරිඳු උඩුවරගෙදර, සංස්කාරක, සටහන් රේඩියෝ යූටියුබ් නාලිකාව
රේඛා නිලුක්ෂි හේරත්, සංස්කාරක, සටහන් බ්ලොග් අඩවිය
නිරෝෂ් මෛත්‍රී, සංස්කාරක, නිව්ස් 19 වෙබ් අඩවිය.
මංජුල බස්නායක, සංස්කාරක, නිව්ස් සෙන්ටර් වෙබ් අඩවිය.
ශබීර් මොහොමඩ්, ජනමාධ්‍යවේදී, එක්ස්පෝෂර් නිව්ස් වෙබ් අඩවිය.

වගඋත්තරකරුවෝ –
නාමල් රාජපක්ෂ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සභාපති, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
සභාපති, පාරිභෝගික සේවා අධිකාරිය
අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික සේවා අධිකාරිය.
සභාපති, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම
සභාපති, මහජන උපයෝගීතා කොමිෂන් සභාව.

පැමිණිල්ල –
ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අලුයම සිට අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. මෙහි පැමිණිලිකරුවන් වන අප සියලු දෙනා සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය මූලික කර ගනිමින් මාධ්‍ය කටයුතුවල නිරත වන බැවින් සමාජ මාධ්‍ය අවහිර කිරීමත්, අන්තර්ජාල සබඳතා සීමා කිරීමත් නිසා අපි දැඩි අපහසුතාවට පත්වීමු. අපගේ වෘත්තීය කටයුතුවලට එමගින් දැඩි බාධාවක් සිදුවිය. අන්තර්ජාලය සීමා කිරීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසාත්, එලෙස අවහිර කිරීම නතර කිරීමට කඩිනමින් පියවර නොගැනීම නිසාත් ඉහත වගඋත්තරකරුවන් අපගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අපි ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම අපගේ පාඨකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම්ද කඩ කළ බව අපි ප්‍රකාශ කර සිටිමු.

එසේ හෙයින්,
වහාම අවහිරතාවය ඉවත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,
අවහිරතාවය සිදුකිරීමට ගත් තීන්දුව ගැන විමර්ශනයක් සිදු කරන ලෙසත්,
එම තීන්දුව නිසා අපගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත්,
ඒ සම්බන්ධයෙන් ඉහත වගඋත්තරකරුවන්ගේ පුද්ගලික මුදලින් පැමිණිලිකරුවන් වන අප වෙත සහ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නිර්දේශ කරන ලෙසත්,
නීති විරෝධී නියෝගයක් පිළිපැදීම සම්බන්ධයෙන් සියලු දුරකතන සේවා සමාගම්වලට තම පැමිණිලිකරුවන් වන අප වෙත සහ පාරිභෝගිකයන්ට වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නියෝග කරන්නැයි ඉහත වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්, ඉල්ලා සිටිමු.


RECENT ARTICLES - SINHALA

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව පැවසෙන...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...