30 C
Colombo
Thursday, May 2, 2024

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමක්

- Advertisement -

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබෙනවා.

  1. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
  2. ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතා
  3. ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMFහි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය
    එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කර‍යි.

ජනාධිපතිවරයා හමු වූ එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කෙරිණ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි.

No photo description available.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...