29.3 C
Colombo
Saturday, April 27, 2024

ඇමරිකාවෙන් චීනයට යළි චෝදනා

- Advertisement -

චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුකරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් වාර්ෂික මානව හිමිකම් වාර්තාව නිකුත් කරමින් පැවති දේශනයක දී පවසා තිබේ.

වාර්තාවේ චීනය පිළිබඳ පරිච්ඡේදය ගැන සඳහන් කරමින් “චීනය, ෂින්ජියැන්ග් හි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ දිගටම කරගෙන යන බව බ්ලින්කන් පැවසීය.

එක්සත් ජනපදය මෙම වාර්තාවෙන් චීනය අත්තනෝමතික රාජ්‍යයක් බව පෙන්නුම් කරන බව ද සදහන් කරයි.

එම වාර්තාවට අනුව, වසර තුළ දී ප්‍රධාන වශයෙන් ජන සංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුව ඇත්තේ මුස්ලිම් උයිගුර්වරුන් ඇතුළු ෂින්ජියැන්ග්හි අනෙකුත් වාර්ගික සහ ආගමික සුළුතර කණ්ඩායම්වල සාමාජිකයින්ට එරෙහිවයි.

චීන රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ බොහෝ විට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළේ දඬුවම් විරහිතව බව ද වාර්තාව වැඩිදුරටත් පවසයි.

පොලිසිය විසින් වාර්තා කරන ලද ඝාතන සිද්ධීන්වලින් පසුව බලධාරීන් බොහෝ විට විමර්ශන ප්‍රකාශයට පත් කළ නමුත් පොලිස් විෂමාචාර හෝ විනය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල හෝ සොයාගැනීම් ප්‍රකාශයට පත් කර නැති බව ද එහි දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

නිදහස් පක්ෂෙ නායකයො වෙන්න දඟලන අය ‘අතෙන්’ තරඟ කරලවත් නැහැ – සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන කිසිවෙකු හෝ මැතිවරණයකට අත ලකුණින් තරග කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා (25)...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...