29 C
Colombo
Saturday, May 4, 2024

සාමකාමී විරෝධතාවයන්ට ඇති අයිතිය තහවුරු කරන්න – ඇමරිකානු තානාපතිනිය

- Advertisement -

රඹුක්කනදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ඇය සදහන් කරන්නේ රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් බලවත් ශෝකයට පත්ව සිටින බවයි.

විරෝධතාකරුවන්ට එරෙහිව නැගෙන ප්‍රචණ්ඩත්වය හා පොලීසියට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය යන දෙපාර්ශවයම තමන් දැඩිව හෙළා දකින බව සදහන් කරන ඇමරිකානු තානාපතිනිය ඉල්ලා සිටින්නේ දෙපාර්ශවයම සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය බවත් ජනතාවගේ සාමකාමී විරෝධතා දැක්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවත් ඇය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...