26 C
Colombo
Wednesday, May 8, 2024

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

- Advertisement -

විරෝධතා නොමැති ප්‍රදේශවල අද (21) දිනයේ බස් රථ 25% ත් 30% ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තු රුපියල් 1000-2000 අතර ප්‍රමාණයන්ගෙන් ඉහළ දැමෙන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා පවසන්නේ.

මේ අතර, හෙට දිනට පෙර ඉන්ධන මිල සහ බස් ගාස්තු අඩුකිරීමක් හෝ සේවයට වාර්තා කිරීම පහසුවන ක්‍රමවේදයක් සකස් කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන සඳුදා සිට රාජකාරී සඳහා වාර්තා නොකරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි පවසනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...