33 C
Colombo
Wednesday, May 1, 2024

බීලා වෑන් එකේ ගිය අය අපේ අය නෙවෙයි – දෙරණ

- Advertisement -

ඊයේ (26) දිනයේ මට්ටක්කුළිය ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද වෑන් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.
එහි රියදුරු, තවත් පුද්ගලයෙක් සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන වීඩියෝවක් සමාජමාධ්‍ය පුරා සංසරණය වුණා.
එම වෑන් රථයේ දෙරණ ආයතනයේ ප්‍රචාරක ස්ටිකර් අලවා තිබූ අතර වෑන් රථය ඉදිරිපසද දෙරණ ආයතනයේ පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණා.
මේ පිළිබදව පැහැදිළි කිරීමක් සිදුකරමින් අද දෙරණ වෙබ් අඩවියෙහි සදහන් කර ඇත්තේ එම වෑන් රථය තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයක් බවයි.
එමෙන්ම අදාල සිදුවීම වන අවස්ථාවේදී එම වෑන් රථය දෙරණ ආයතනයට සම්බන්ද රාජකාරී කටයුත්තක හෝ මාධ්‍ය ආවරණ කටයුත්තක නිරතව නොසිටි බවද එහි සදහන් කර තිබෙනවා.
තවද එහි රියදුරා හෝ වෑන් රථයේ සිටි අනෙක් පුද්ගලයා දෙරණ ආයතනයට කිසිදු සම්බන්දයක් නොමැති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

අනුරගේ ගෝලයෝ මැයි දිනේට ටිකට් බෙදලා සල්ලි අරන් – තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සමගි ජන...

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...