26 C
Colombo
Tuesday, May 21, 2024

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

- Advertisement -

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයාද මෙම කණ්ඩායම සමග එක්ව තිබුණා.

මීට දින කිහිපයකට පෙර සිට ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ මලිත්තගොල්ල නම් බෑවුම් සහිත ප්‍රදේශයේ නාය  අවදානමක ලක්ෂණ නීරික්ෂණය වුණා.

උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කෙරූ අතර මේ පිළිබඳව කරුණු සොයාබැලීම සඳහා පසුගියදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණා.

එහිදී තත්ත්වය පරීක්ෂා කර බැලූ ඔවුන් නාය අවදානමට හේතු වී ඇති ජල මාර්ග වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගනු ලැබුවා.

ඒ අනුව, අද එම ප්‍රදේශයට පැමිණි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් එහි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...