31 C
Colombo
Saturday, May 4, 2024

තලේබාන් පාලනය යටතේ පිරිමින්ට සහ කාන්තාවන්ට උසස් අධ්‍යාපනයටත් වෙන් වෙන්ව දින

- Advertisement -

සම-අධ්‍යාපනය අවසන් කිරීම අරමුණු කර ගනිමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාබුල් විශ්වවිද්‍යාලයේ සහ කාබුල් බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට සහ ශිෂ්‍යාවන්ට සතියේ වෙන් වෙන් දින අධ්‍යයන කටයුතු වෙන් කර තිබේ.

විශ්ව විද්‍යාල නව කාලසටහන අනුව සතියේ දින තුනක් සියලුම කාන්තා සිසුන් සඳහා වෙන් කර ඇති අතර එම කාලය තුළ පිරිමි ළමුන් පන්ති නොපැමිණෙන අතර ඉතිරි දින තුන පිරිමි සිසුන් සඳහා වෙන්කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශක අහමඩ් ටකී වීඩියෝ පටයකින් කියා සිටියේ සිසුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස කාබුල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සභාව යෝජනා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

කාලසටහන මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ කාබුල් විශ්ව විද්‍යාලයේ සහ කාබුල් බහුතාක්ෂණික විශ්ව විද්‍යාලයේ පමණක් වන අතර එය මැයි මාසයේදී ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත්, මෙම අවස්ථාව පවා ලැබී ඇත්තේ දැනට එම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන්ට පමණක් වන අතර මේ වන විට නවක සිසුවියන්ට හය ශ්‍රේණියෙන් ඉහළ‍ට අධ්‍යාපනය ලැබීම තහනම් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...