33 C
Colombo
Wednesday, May 8, 2024

ධම්මික පැණිය බිව්ව නාවිකයෙක්ට කොවිඩ්

- Advertisement -

රජයේ අනුග්‍රහය සහ ආශිර්වාදය මත කොවිඩ්-19 ඖෂධයක් ලෙස ප්‍රචාරය කළ, කෑගල්ලේ ධම්මික බණ්ඩාර සකස් කළ ධම්මික පැණිය පානය කළ නාවික නිලධාරියෙකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ධම්මික බණ්ඩාරගේ භද්‍රකාලී දේවාලය ආසන්නයේ මාකුර නම් ගම්මානයේ පදිංචිව සිටි එම පුද්ගලයා දෙසැම්බර් 08 වැනිදා පැණිය පානය කර ඇත.

මෙම නාවිකයා ජර්මන් සමාගමක සේවය කරන අතර 28 වැනිදා කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී තිබේ.

ධම්මික පැණිය පානය කළ අයෙකුට කිසිදා කොවිඩ්-19 ආසාදනය නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර රජයේ අමාත්‍යවරුන් එම පැණියට අනුග්‍රහය ලබා දී තිබුණි.

ධම්මික පැණිය පානය කළ පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ වාර්තා විය.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. එමෙන්ම,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...