29.3 C
Colombo
Saturday, April 27, 2024

ගංජා විකුණන්න වුණ- දෙල්ගොඩ රියැලිටි තරුව

- Advertisement -

රියැලිටි ගායන තරගාවලියක හයවැනි ස්ථානය දිනාගත් පුද්ගලයෙකු දෙසැම්බර් 27 වැනිදා කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට පත් කර ඇතැයි දෙල්ගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ඩබ්ලිව්.ඩී. විතාන වාර්තා කර ඇත.

එම ගායකයා බියගම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තාවේ සඳහන්ය. බණ්ඩාරවත්ත හන්දියට ගංජා අලෙවි කිරීම සඳහා එන අතරතුර ඔහු හසු වී තිබේ. ගංජා ග්‍රෑම් එකක පැකට් එකක් රුපියල් 400කට අලෙවි කර ඇත. ඔහු අත පැකට් 20ක් තිබී ඇත.

සුපිරි තරු තෝරන රියැලිටි තරගවලට ඉදිරිපත් වෙන පුද්ගලයන් එම තරග අතරතුර රටේ දැවැන්තම තරු ලෙස ඉස්මතු කර පෙන්වයි. එහෙත්, එම තරගවලින් පසු බොහෝ පිරිසකගේ ජීවිත සාමාන්‍ය තත්වයට පත්වෙයි. ඇතැම් ගායන ශිල්පීන්ට සජීවී ප්‍රසංගවල ගැයීමට අවස්ථා ලැබේ. එහෙත්, කොවිඩ්-19 තත්වය නිසා එම අවස්ථාද සීමා වී තිබේ.

එවැනි පුද්ගලයන්ට නැවත සාමාන්‍ය රැකියාවලට යොමුවීම අසීරු වන අතර ඇතැම් පුද්ගලයන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් ඉතිරිකරගත් මුදල් පවා නාස්ති කරගනී.

RECENT ARTICLES - SINHALA

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

නිදහස් පක්ෂෙ නායකයො වෙන්න දඟලන අය ‘අතෙන්’ තරඟ කරලවත් නැහැ – සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන කිසිවෙකු හෝ මැතිවරණයකට අත ලකුණින් තරග කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා (25)...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...