28 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාව ගුවනේ සිට විදින මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

- Advertisement -

ඉන්දියාව පසුගියදා ප්‍රථම වරට Su-30 MKI ප්‍රහාරක ගුවන් යානයක් යොදාගෙන බ්‍රහ්මෝස් මිසයිල ප්‍රහේදයේ කිලෝමීටර් 450 ක දුරක් ගමන් කළ හැකි නව වර්ගයක් සාර්ථකව අත්හදා බලා තිබේ.

ඉන්දීය ගුවන් හමුදාව පැවසුවේ, ගුවන් යානයෙන් දියත් කිරීම සැලසුම් කළ පරිදි සිදු වූ බවත් මිසයිලය බෙංගාල බොක්ක කලාපයේ නියමිත ඉලක්කයට සෘජුවම පතිත වූ බවත්ය.

මිසයිලයේ විස්තීරණ පරාස හැකියාව සහ Su-30MKI ගුවන් යානයේ ඉහළ කාර්ය සාධනය ඉන්දීය ගුවන් හමුදාවට උපාය මාර්ගික ප්‍රවේශයක් ලබා දෙන බව ඉන්දීය ගුවන් හමුදාව වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ අතර ශබ්දය මෙන් තුන් ගුණයක වේගයෙන් පියාසර කරන න්‍යෂ්ටික නොවන මිසයිලයක් වන බ්‍රහ්මෝස් හි කිලෝමීටර් 800 ක පරාසයක ප්‍රභේදයක් ද මේ වන විට සංවර්ධන අත්හදා බැලීම්වලට භාජනය වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි මාසයේදී බාලසෝර් හි අන්තර්කාලීන පරීක්ෂණ පරාසයේ සිට පළමු වරට අත්හදා බැලූ මෙම මිසයිල ප්‍රභේදය 2023 වසර අවසානයේ නිෂ්පාදනය සඳහා සූදානම් වනු ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...