31 C
Colombo
Saturday, May 4, 2024

හමුදාවේ 75ක් අමාත්‍යාංශවලට! හමුදාවේ නම වනසයිද?

- Advertisement -

සෑම  අමාත්‍යංශයකටම අතිරේක ලේකම්වරුන් වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට සුදානමක් ඇති බව වාර්තා වේ.

එම පත් කිරිම් සිදු කිරීමට අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපනය කරන බවත් ඒ අනුව මේ වන විට අමාත්‍යංශ 75කට පත් කරන අදාල හමුදා නිලධාරීන්ගේ නම් පිළියෙළ කර ඇති බවත් වාර්තා වේ.

එම යුධ හමුදා නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් 2021 ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් බවත් වාර්තා වේ.

මීට අමතරව රාජ්‍ය සේවයේ සක්‍රිය කටයුතු කරන ජේ්‍යෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුවම ඔවුන් සේවය කරන ස්ථානවලින් ඉවත් කර සංචිතයට දැමීමට සුදානමක් ඇති බවත් වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු පැවසූවේ කොවිඩ් වසංගතය ලංකාවෙන් නැතීවී යන විට ලංකාවේ පරිපාලන සේවයත් නැති යෑමට ඉඩ ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වූයේ හමුදා පසුබිමක් ඇති, එම පසුබිම මත රට හැදීමේ හැකියාවක් ඇති කෙනෙකු වශයෙනි. කොවිඩ්-19 වසංගතය මර්දනයටත් හොඳම සුදුස්සා ඔහු බව මහමැතිවරණ සමය දක්වාම කියැවිණි. තමා වසංගතය මර්දනය කළ අයුරු නොකියා වෙන රටවල අය මර්දනය කළ හැටි කියන්නේ ඇයිදැයි ඔහු වතාවක් විමසා තිබුණි. එහෙත්, අප කතාකරන මොහොත වන විට රටේ කොවිඩ්-19 මරණ 199කි. ඔහු අසමත් බව කියන අය බොහෝය.

කොවිඩ්-19 තත්වය වර්ධනය වෙද්දී ‘යුද්ධයක් නම් කරන්න තිබුණා. වසංගතයක් මර්දනය කරන්න ඕනෑ වසංගත විශේෂඥයන්’ යන අදහස ඔහු ඉදිරිපත් කළේය. රටක පරිපාලනය දන්නේ පරිපාලන විශේෂඥයන්ය. ආර්ථිකය දන්නේ ආර්ථික විශේෂඥයන්ය. මීට පෙර වතාවක් මාර්ගවල තදබදය හසුරුවන්නට හමුදාව යොදවා අසාර්ථක විය. සහල් මිල පාලනයට හමුදාව යොදවා අසමත් විය. කොවිඩ්-19 පාලනයටත් යොදවා ඉන්නේ හමුදාපතිවරයාය. එයද අසමත් වී හමාරය.

හමුදාවට සියල්ල කරන්නට බැරි බව කීම හමුදාව සමඟ තරහකින් කියන්නක් නොවේ. හමුදාවේ ඉන්නේත් අප වැනි මිනිසුන්මය. ඔවුන්ට සාර්ථකව කළ හැකි දේවල් බොහෝය. කළ නොහැකි දේවල්ද බොහෝය. රාජ්‍ය පරිපාලනය යනු ඉතා සංකීර්ණ කටයුත්තකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවය මෑත කාලයේ කඩාවැටී ඇති බව සැබෑවකි. දූෂිතයන්ගෙන් පරිපාලන සේවය පිරී ඇති බවත් චෝදනාවකි. එහෙත්, විසඳුම හමුදාව යෙදවීම නොවේ. ක්‍රිකට් කණ්ඩායමක් අසමත් වූ පසු විසඳුම් ලෙස පාපන්දු කණ්ඩායමක් යෙදවීමෙන් පලක් නැත. එයට කළ යුත්තේ දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාව මැඬලීමට ක්‍රමවේද සැකසීමය.

ඇතැම්විට සෑම අමාත්‍යාංශයටම හමුදාව යොදවන්නට ගොස් ජනාධිපතිවරයා ධුරයෙන් බැස යන විට හමුදාවේ ගෞරව නාමය සම්පූර්ණයෙන් විනාශ කරන්නට ඉඩ ඇත.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...