29.7 C
Colombo
Sunday, April 28, 2024

අපි නොදන්න ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය…

- Advertisement -


ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය යැයි යමෙකු ව්‍යවහාරයක් කළහොත් බොහෝ දෙනකුගේ සිතට එක්කෝ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍ය සිහියට එනු ඇත. එසේ නැත්නම් මේ දිනවලදී නම් ලංකාවේ කාදිනල් හිමියන් සිහියට එනු ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් දේවල් පිළිබඳ සිතන්නේ හැඟවුම්කාරකවලින් බැවින් එසේ සිතීම අසාධාරණ ද නැත. එහෙත් ආගමික දේශපාලනයට බැණ වදිමින් ආගමේ නාමයෙන් දේශපාලනයේ නිරත කාදිනල් හිමි අපට නොකියන කතාවක් ද ඇත. ඒ, සැබැවින්ම ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ලෝකයේ ඇති බවයි. 


නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය වැනි යුරෝපයේ රටවල් ගණනාවක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රියාත්මකය. ජාතික සීමාවේදී එයටම අනන්‍ය ලක්ෂණ වලින් සමන්විත ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට එක් තනි මුහුණුවරක් නොමැත. ඒවායේ මූලික ලක්ෂණය නම් ඒවා රෝමානු කතෝලික තත්ත්වය මත පදනම් වූ ප්‍රතිපත්ති වලට පක්ෂපාත වීමය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සමාජ ප්‍රතිසංස්කරණ වැනි ක්ෂේත්‍ර වල දී යුරෝපා දේශපාලන ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බලපෑමක් කළ මෙම පක්ෂ බොහෝවිට ගතානුගතිකවාදීය. සිය රටවල ක්‍රිස්තියානි උරුමය ගැන වැඩි වශයෙන් වද වෙන මෙම පක්ෂ සෑම ආගමක්ම එක හා සමානය වැනි ලෞකික සහ වඩාත් ලිබරල් වූ මතයක් අවධාරණය කරනවට වඩා ක්‍රිස්තියානි ආචාරධර්ම පිළිබඳව වැඩි අවධානය යොමුකරයි. 


සාමාන්‍යයෙන් කිතුණුවෝ ගබ්සාවට සහ සමලිංගික විවාහවලට විරුද්ධත්වය දක්වති. එහෙත් මේ කාරණා නිශ්චිත නෛතික සීමා තුළ පිළිගත යුතු බවට අදහස් දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද වේ. ආර්ථිකයේ පැවැත්ම මනුෂ්‍යත්වයට සේවාවක් වශයෙන් සිදුවිය යුතුය යන්න ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආර්ථික දර්ශනයයි.

ඇතැම් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රිස්තියානි සමාජවාදයට විරුද්ධ වන අතර ඇතැම් ඒවා සමීපතාවක් දක්වති. මෑත දශකවලදී යුරෝපයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලිබරල් ආර්ථිකය හා දක්ෂිණාංශික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් ආර්ථිකයෙහි දී රාජ්‍ය භූමිකාව අඩු කිරීම් සඳහා යොමුව සිටි. මෙමගින් දැක්වූයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දැක්මේ මූලික කාරණා කීපයක් පමණි. එය ද මෙසේ මතුකළේ ලංකාවේදී මෑත වසර දෙකක කාලයේදී ඉස්මතු වූ ක්‍රිස්තියානි දේශපාලනය ගැන තරමක් හෝ සිහිකිරීමටය. විශේෂයෙන්ම 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කුදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සමග ක්‍රිස්තියානි කතෝලික දේශපාලනය ලංකාවේ දේශපාලනයට කළ බලපෑම විශාලය. එහි මතවාදී කතෘකයා වූයේ මැල්කම් රංජිත් කාදිනල්හිමියෝය. කෙසේ වෙතත් කාදිනල් හිමියන් ලංකාවේ දේශපාලනය කරද්දී අතිශය සූක්ෂ්මය. 


“කතෝලික අප සිටින්නේ බෞද්ධ සෙවනැල්ල යටය” හා “අප හුස්ම ගන්නේ සිරිමා බෝධිය හා දළදා හිමි පිස එන සුළඟය” යන ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකෙහි උත්ප්‍රාසය ජනිත වන්නේ කතෝලික සභාවලට මු`ඵ ලෝකය පුරා හිමි දේශපාලන බලය සමගය. ඉහත ප්‍රකාශ කතෝලික කිතුණු ප්‍රජා අතර පවා ඔහුගේ ද්විත්ව ස්වරූපය තහවුරු කර ඇතත් මේ දේශපාලන රංගය බෞද්ධ සමාජයට ඒ අයුරින්ම අවබෝධ වන්නේ නැත. 


ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මගින් රටේ කතෝලික ජනයා පාලනය වුවත් බෞද්ධ සමාජය සිතන්නේ රටේ කිතුණු කතෝලික ප්‍රජාවේ නායකත්වය ඇත්තේ කාදිනල් හිමියන්ට බවය. බස්නාහිර පළාත අගරදගුරු පදවිය ලෙස හැඳින්වීමත් කාදිනල් තනතුරත් වෙනත් රදගුරුවරුන්ට නැති මාධ්‍ය ප්‍රචාරණයත් විසින් මෙම ව්‍යාජය ස්ථාපිත කරනු ලැබ තිබේ. එහෙත් ඔහුට වගකීම ඇත්තේ රටේ මුළු ජනගහණයෙන් ලක්ෂ හතරකට ආසන්න කතෝලික පිරිසකට පමණකි. සමස්තයෙහි නායකයා වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපතිවරයාය. සිව් වසරක නිල කාලයක් ඔහුට හිමිය. 


වර්තමානයේ මෙරට කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ඌව රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු හිමිය. එහෙත් එහිමියන් දැඩි මීඩියා උණකින් පෙළෙන්නකු නොවන බැවින් ඒ තරම් ප්‍රකට නැත. ලොව විවිධ රටවලදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය විවිධ හැඩතලවලින් ක්‍රියාකාරී බව ලිපියේ ආරම්භයේ සඳහන් කළෙමි. එය ශ්‍රී ලංකාවට ද පොදුය. එහෙත් ඒ බව බහුතර ජනයාට වැටහෙන්නට තවම කල් මදිය. 

RECENT ARTICLES - SINHALA

ලංකාවට පාකිස්තානයෙනුත් ලොකු ලූනු

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා...

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ...

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...