27 C
Colombo
Sunday, May 19, 2024

අරගලකරුවන්ගේ අත් වල ලේ තියෙනවා..! – හැංගුණු මහින්ද කට අරියි

- Advertisement -

අරගලය තවදුරටත් සාමකාමී නොවන බව දින ගණනාවක් සැඟව සිටි මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ, අද (10) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මැයි මස 09වන දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ පහරදීමටත් ඉන් අනතුරුව ගාලු මුවදොර පිටියේදී සිදුවූ පහරදීමටත් ඉඩ සැලසීමට අදාලව මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල විය.

ඉන් පසුව මාසයක පමණ කාලයක් ජනතාවගෙන් වසන් වී සිටි මහින්ද රාජපක්ෂ අද දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටින්නේ අරගලකරුවන්ගේ අත්වල ලේ තැවරී ඇති බවයි.

අරගලභූමියේ සිටි ආගමික නායකයන් ප්‍රචණ්ඩත්වය නතර කිරීමට කටයුතු නොකළ බවට චෝදනා කරන මහින්ද රාජපක්ෂ හට තමන්ගේ අරලියගහ මැදුරේ සිට පැමිණි මැරයන්ගෙන් ගුටි කන අතරතුර කිසිවෙකුටත් බණ කීමට නොහැකි බව අමතක වී ඇති බව පෙනේ.

ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට ලක් නොකරන නමුත් සාමකාමී ජනතා අරගලයක් ප්‍රචණ්ඩත්වයෙන් මැඩ පැවැත්විය හැකි බවට සිතා කටයුතු සිදු වීමට ඉඩ හැරි ඇතැමුන් ඉන්පසු ජනතාවටම චෝදනා කිරීම ‘සංවේදී නායකයෙකු’ ලෙසට කලක් ලේබලයක් අලවාගත් පුද්ගලයෙකුට නොගැලපෙන බව අප සිතමු.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...