28 C
Colombo
Sunday, May 5, 2024

නරක් වූ කොවිඩ් මළ සිරුරක් හෝමාගම රෝහලේ

- Advertisement -

කොවිඩ් 19 රෝගීන් සඳහාම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක පටන් කොවිඩ් මළ සිරුරු 5ක් තැන්පත් කර තිබීම හේතුවෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය පවසනවා.
එම මළසිරුරු මෙතෙක් භාර නොගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු අය වනවා.
ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත් කර ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය පවසනවා.
වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් කර තිබීමෙන් වෛරසය තවත් පැතිරීමට හේතුවක් වී ඇති බවටද ඇය සදහන් කළා.

කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැතිවීම හා ඒ සඳහා මුදල් ගෙවා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය උද්ගතව තිබෙනවා.
එමෙන්ම ආදාහන කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය මිනී පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

හෝමාගම මූලික රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද මහතා පවසන්නේ මෙම තත්ත්වය කාර්ය මණ්ඩලයේ ජීවිතවලට පවා දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
දින ගනනාවක සිට ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවා එම ස්ථානය පුරා පවතින බවත් මේ සම්බන්දයෙන් බලධාරීන් වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතු බවත් ඔහු සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...