33 C
Colombo
Monday, May 6, 2024

ධම්මිකගේ සල්ලි වලින් මෙරටට තවත් පාස්පෝට් කන්තෝරුවක්..!

- Advertisement -

තමන්ගේ පුද්ගලික ධනයෙන් නව ආගමන විගමන කාර්යාලයක් යාපනයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.

ඒ, ඊයේ (27) රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින්.

ධම්මික පෙරේරා –

“දැනුත් වෙබ් සයිට් එකට ගියොත් අද දැම්මොත් කවද්ද එන්න පුළුවන් කියලා ඔන්ලයින් අගෝස්තු 23 තමා එන්නේ. එදාට තමා ඔබතුමාට පාස්පෝට් එක හම්බෙන්නේ. මෙහෙම දීලා ශ්‍රමිකයෝ රට යවන්න බැහැනේ. මේක වේගවත් කරන්න ඕනේ. මාව ආය ගෙන්වන්න මාසයකින් දෙකකින් විතර. ගෙනල්ලා ඔය ප්‍රශ්න ටික ඔක්කෝම අහන්න.”

ප්‍රශ්නය –

“දීපව්‍යාප්ත කරන්න හදනවා ද?”

ධම්මික පෙරේරා –

“මාතර ශාඛාවක් තියෙනවා. ඒකේ එක්දින සේවය නෑ. ඒ නිසා මාතර පැත්තේ අය කොළඹ ඇවිල්ලා රෑ නිදිමරලා, පෙට්ටිවල බුදියගෙන ඉන්නේ. ඒ නිසා එක්දින සේවය මාතර පටන් ගන්නවා. මහනුවර තියෙනවා ශාඛාවක් ඒකෙත් එක්දින සේවය නෑ. එතන අයත් කොළඹ ඇවිත් තමා එක්දින සේවය ගන්න පෝලිමේ ඉන්නේ. එතැනත් ඒක පටන් ගන්නවා. වව්නියාව, යාපනය ඉන්න අයත් කොළඹට එනවා. වව්නියාවෙත් පටන් ගන්නවා. මට කුරුණෑගල නම් පින්ටර් එකක් නෑ කියලා තමා තියෙන්නේ. මට ජනාධිපතිතුමා කිව්වා තව පළාත් පහක කාර්යාල 5ක් අරින්න කියලා. පළවෙනි එක මගේ සල්ලිවලින් මම යාපනයේ අරිනවා. ටෙන්ඩර් කෝල් කරන්න ගියොත් මාස 6ක් වගේ යනවා නේ. අනිත් ඒවට ඩොනේෂන් වගේ ගන්න පුළුවන් නම් ඉතුරු 4ත් ඒ විදියට හදාගන්නවා.”


RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...