27 C
Colombo
Friday, May 3, 2024

සැපයුම්කරුවන් නැහැ – බලශක්තිය පකිස්තානයටත් දරුණුම අර්බුදයක් වෙයි

- Advertisement -

කොවිඩ් ආශ්‍රිත සැපයුම් කඩාකප්පල් කිරීම් සහ තත්වය උග්‍ර කළ රුසියානු-යුක්රේන ගැටුමේ පසුකාලීන බලපෑම් සමඟ, මුදල් හිඟයකට මුහුණදී සිටින පාකිස්තානය ද්‍රව ස්වාභාවික වායු (LNG) ලබා ගැනීමට අරගල කරමින් සිටින බැවින් නුදුරු අනාගතයේ දී පාකිස්තානයේ බලශක්ති අර්බුදය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

ගෝලීය බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් පාකිස්තානයේ විදුලි ඉන්ධන පිරිවැය සියයට 100 කට වඩා වැඩි වීම නිසා මෙම අර්බුදය පැන නැගී ඇත.

මුදල් නොමැතිකම නිසා පසුගිය සතියේ, රජයට අයත් LNG Ltd සමගම විසින් ජූලි මාසය වෙනුවෙන් නැව්ගත කිරීම සඳහාවූ ස්වාභාවික වායු තොග හතරක් සඳහා වූ ටෙන්ඩර වෙනුවෙන් ලැබුණු මිල අධික අයදුම්පතක් අවලංගු කරන ලදී.

මෙම තත්වය හේතුවෙන් පකිස්ථානයේ බලශක්ති අර්බුදය ඉදිරි සති කිහිපය තුල නරක අතට හැරෙනු ඇතැයි අනාවැකි පළව තිබේ.

පසුගිය සතියේ පකිස්තානයේ ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය මුසාදික් මලික් කියා සිටියේ ස්වාභාවික වායු තොග සඳහා ලංසුකරුවෙකු සොයා ගැනීමට රට අසමත් වීම නිසා, බලධාරින්ට බලශක්ති උත්පාදනය සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමට බල කර ඇති අතර, එහි ප්‍රතිඵල ඉන්ධන ලබා ගැනීමට මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

යුක්රේනය සමඟ ඇති වූ යුද්ධය හේතුවෙන් රුසියාවෙන් සැපයුම අත්හිටුවා ඇති හෙයින්, යුරෝපීය රටවල් ද ගෑස් ලබා ගත හැකි සෑම තැනකම මිලදී ගනී.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසර දෙකහමාරකට පෙර ඩොලර් 4කට මිල කළ ස්වාභාවික වායු, දැන් ඩොලර් 40කටවත් ලබා ගත නොහැකි බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...