26.6 C
Colombo
Wednesday, May 15, 2024

රනිල් ඉල්ලා අස්වෙන්නම ඕනෑ..! – අනුර අනතුරු හඟවයි

- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග සහතිකවම ඉදිරියටම ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

“ජනාධිපතිවරයාගේ ධුරය හිස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනීමට දරණ මේ කුමන්ත්‍රණකාරී පිළිවෙත නතර කළයුතුයි. මේ ජනතාවගේ පිබිදීමට ඇහුම්කන් දෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් සටකපට ක්‍රියාමාර්ග හරහා පළමුව වැඩබලන ජනාධිපතිවරයා බවට පත්ව දෙවැනුව පාර්ලිමේන්තුවේ විවිධාකාර මිලදීගැනීම් හරහා තමන්ගෙ බහුතරය නිර්මාණය කරගෙන ජනාධිපතිවරයා බවට පත්වෙන්න, අපි හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අත්වූ අවාසනාවන්ත ඉරණමට වඩා වෙනස් ඉරණමක් ඔහුට හිමිවන්නේ නෑ.

මොකද ඔහුට ජනවරමක් නෑ, ඔහු තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එනිසා රටේ විශාල වියවුල් තත්වයක් නිර්මාණය වීමේ අබියසක අපි ඉන්නෙ. එනිසා මෙවැනි විනාශකාරී තීන්දුවකට එරෙහිව අපි අපේ සටන් ක්‍රියාමාර්ග ඉදිරියට ක්‍රියාත්මක කරන බව සහතික කරලා කියනවා. ගෝඨාභය, ඔබට අවසන් කාර්යය හැටියට ඔබ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අස්කරන්න. එසේ නැත්නම් රනිල් වික්‍රමසිංහ ඔබ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට පෙර ඉල්ලා අස්වෙන්න. එනිසා මේ රටේ සාමකාමීත්වය ගෙන එන්න නම් මේ ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙන්න කියලා බලකරන ඉල්ලීම අපි ඔවුන්ට කරනවා”


RECENT ARTICLES - SINHALA

ඩයනා වාහන භාරදීලා

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය සිකුරාදා (10 ) නිලධාරීන්ට බාරදී තිබෙන බවට වාර්තා වනවා. මීට අමතරව ලිපි ලේඛන...

අලුතින් ලාදුරු රෝගීන් 264ක්

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ,...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...