25 C
Colombo
Wednesday, May 1, 2024

අභිනව ජනපති පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය

- Advertisement -

ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කළ යුතු බව තේරී පත්වූ අභිනව 8වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, තේරී  පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

“කතානායකතුමායි මමයි 1973 දී එකට දේශපාලන ගමන ආරම්භ කළ අය. මට අද විශේෂ සතුටක් තියෙනවා. ඔබතුමා මූලාසනයේ ඉද්දී මගේ පත්වීම ප්‍රකාශ කිරීම ගැන. මම අවුරුදු 45 ක් පාර්ලිමේන්තුව තුළ සිටිමින් දේශපාලනය කරලා තියෙනවා. මගේ ජීවිතය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙියි. මේ පාර්ලිමේන්තුවෙන් මට මෙම ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිය පුද කරනවා. 

මීට අවුරුදු 31 ට කලින් එනම් 1993 දී අපි මේ ආකාරයටම රැස්වුනා. ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එදා ඩී.බී විජේතුංග ජනාධිපතිතුමාට තරඟයකින් තොරව පත් කර ගන්න හැකියාව ලැබුණා. එදා එම ඡන්දයට සහභාගී වූ 15 ක් පමණ අදත් මේ පාර්ලිමේන්තුව තුළ සිටින බව මම කියන්න කැමතියි. මේ දෙවෙනි අවස්ථාවේදී ප්‍රථම වතාවට අපට ඡන්දයක් ලැබුණා.

ඒ ඡන්දයේදී අප අතර සාකච්ඡාවක් ඇති වෙලා එක අතකින්  අපට පුළුවන් යැයි අප පෙන්නුවා.  කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න පාර්ලිමේන්තුවට හැකි බව අප පෙන්වා තිබෙනවා. ඒ නිසා මට යුතුකමක් තියෙනවා පළමුව මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාටම ස්තූති කරන්න. ඊට සමානව මට යුතුකමක් තියෙනවා මෙම ඡන්දයට සහභාගී වූ සියළු දෙනාටමත් ස්තූති කරන්න.

රට අද තියෙන අමාරු තත්ත්වය ගැන අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නෑ. ආර්ථික වශයෙන් අමාරු තැනක අපි ඉන්නේ. ඒ වගේම තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ජාත්‍යන්තරයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන මොහොතක් මේක. අපි ඒවට පැටලෙන්නේ නැතුව යන්න තියෙනවා. රට ඉදිරියට ගෙන යන්න අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා. 

ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලන ක්‍රමය නොවෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන කියන තැන තමයි ජනතාව ඉන්නේ. මාත් සමඟ තරඟ කළ අනුර දිසානායක මන්ත්‍රීතුමාටත්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාටත් මම ස්තූති කරනවා. මම ඩලස් අලහස්පෙරුම මන්ත්‍රීතුමාගෙන් ඉල්ලනවා අපි සියළු දෙනාම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න වැඩකටයුතු කරමු.

මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමාගෙනුත් මම ඉල්ලනවා මේ වැඩපිළිවෙලට සහාය දෙන්න කියලා. මොකද අද රටේ තිබෙන තත්ත්වය ගැන එතුමා ඉතාම හොදින් දන්නවා. මාගේ මිත්‍ර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙන්ම එම ඉල්ලීමම නැවත කරන්න කැමතියි. අපි සියළු දෙනා එකට එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න බලමු. ඒ ගැන අපි සියළු දෙනා එකට එකතු වෙලා සාකච්ඡා කරමු. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙනුත් මෙම ඉල්ලීම මම කරනවා. 

පොන්නම්බලම් මන්ත්‍රීතුමාගෙනුත්, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමාගෙනුත් එම ඉල්ලීම මම කරනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් එම පක්ෂය වෙනුවෙන් මම මේ ඉල්ලීම කරනවා. මෙතන සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙනුත් මේ ඉල්ලීම මම කරන්න කැමතියි. අපි බෙදුන අවස්ථාව දැන් ඉවරයි.

අපිට පැය 48 ක් තිබුණා බෙදෙන්න. ඒ පැය 48 දි අපි බෙදුනා. දැන් ඒ කාලය අවසන් නිසා මම ඉල්ලනවා අපි එකට එකතු වෙලා සාකච්ඡා කරමු. හෙට සිට ඔබ සියළු දෙනා සමඟ සාකච්ඡා කරන්න මම කැමතියි. මට තව ඉල්ලීමක් තියෙනවා මේ සභාවෙන් කරන්න.  සභාවෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී මට ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්න අවස්ථාව දෙන්නැයි කතානායක තුමාගෙන් මම ඉල්ලනවා.”

RECENT ARTICLES - SINHALA

අද කොළඹ එන අයට විශේෂ දැනුම් දීමක්

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් අද (01) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ නාගරික රථවාහන පොලිස්...

මොළේ උණ රෝගය නිසා සිදුවු දෙවන මරණයත් වාර්තා වෙයි

ජැපනිස් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය හේතුවෙන් යාපනයේදී දෙවන රෝගියාද ඊයේ (30) මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජයචන්ද්‍රන් සස්මිකා නමැති...

සිමෙන්ති මිලේ වෙනසක්

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටිනවා. ඒ අනුව...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...