26 C
Colombo
Tuesday, May 21, 2024

අද කොළඹ එන අයට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් අද (01) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ගයවලට පැමිණීමෙන් වළකින ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දසදහසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා දැනුම් දෙනවා.

ඔහු සඳහන් කළේ  පෙළපාළි සඳහා ජනතාව රැගෙන එන විනය විරෝධී බස්රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම, කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන්කරන වාහන සහ ගිලන් රථ, රෝහල් වෙත රෝගීන් රැගෙන යන රථ සඳහා මාර්ගයේ ගමන්කිරීම සඳහා පහසුකම් සපයා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ රථවාහන සැලැස්ම පහතින්,

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...