26 C
Colombo
Tuesday, May 21, 2024

මොළේ උණ රෝගය නිසා සිදුවු දෙවන මරණයත් වාර්තා වෙයි

- Advertisement -

ජැපනිස් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය හේතුවෙන් යාපනයේදී දෙවන රෝගියාද ඊයේ (30) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජයචන්ද්‍රන් සස්මිකා නමැති පස් හැවිරිදි දැරියක්.

උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඇයට ප්‍රතිකාර අවස්ථා කීපයකදී ලබා දුන්නද සුව නොවීම නිසා යාපනයේ අච්චුවේලී රෝහලේ දැරියව නතර කිරීමට ගෙන යමින් සිටියදී මෙසේ ඇය මිය ගොස් තිබෙනවා.

එහිදී අදාළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර ඇයගේ මරණයට හේතුව මොළයේ උණ රෝගයක් බවට අනාවරණ වී තිබෙනවා.

පසුගිය සතියේදී යාපනය ශීක්ෂණ රෝහලට උණ රෝගය නිසා ඇතුළත් කළ රෝගියෙකු මියගිය අතර එම රෝගියා මියයාමට හේතුවද මොලේ උණ රෝගය නිසා බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් මොළේ උණ රෝගීන් උතුරු පළාතෙන් මෙවර හමු වී ඇත්තේ වසර ගණනාවකට පසුවයි.

පළමු රෝගියා හමු වී රෝගියා මියයාමත් සමගම මොලේ උණ රෝගය පැතිර යාම වැළැක්වීම සම්බන්ධයෙන් උතුරේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීමට සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙසේ යාපනයෙන් දෙවන රෝගියාද මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...