30 C
Colombo
Thursday, May 2, 2024

ඊයේ කොරෝනා ආසාදිතයන් 75ක් – මරණ 2ක්

- Advertisement -

ඊයේ (20) දින මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 664647ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

මෙම ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 647463ක්.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 2ක් ද තහවුරු කර තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙක්. මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16533ක් ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...