27 C
Colombo
Friday, May 3, 2024

හෙට සිට ඉන්ධන QR ක්‍රමයට පමණයි

- Advertisement -

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ටොකන් ක්‍රමය සහ භාවිතයේ පැවති අනෙකුත් ක්‍රමයන් අහෝසි වී ආර්. ක්‍රමවේදය පමණක් දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් හෙට දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය සඳහා අද (31) සිට වාහන ආදායම් බලපත්‍ර අංකයට අනුව ද ලියාපදිංචි විය හැකි වනවා. ඒ අනුව, වාහනයේ චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.

මේ වනවිට කිව් ආර් ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4,691,149 ක්. එයින් රථ වාහන 4,159,367 ක් පෙට්‍රල් වාහන වන අතර, 532,571 ක් ඩීසල් වාහන වනවා.

මේ අතර, සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුයි. ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබනවා.

අද දිනයේදී ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංක 3, 4 සහ 5 සඳහායි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...