27 C
Colombo
Monday, May 6, 2024

ජූනි මාසයේ දී අපනයන ආදායම 23.9% කින් වැඩි වුණේ මෙහෙමයි

- Advertisement -

සමස්ත අපනයනය : 2022 වසරේ ජුනි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම , එ.ජ. ඩොලර් මිලියන 1,248ක් ලෙස වාර්තා කරමින්, 2021 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 23.9කින් ඉහළ ගිය අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන අගය වේ. මෙම හිතකර ප්‍රතිඵලයට කාර්මික හා කෘෂිකාර්මික අපනයන යන දෙඅංශයෙහිම ඉපැයීම්වල ඉහළ යෑම දායක වූ අතර, අපනයන ආදායමෙන් සුළු අගයක් වන ඛනිජමය අපනයන පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත අපනයන ආදායම එ.ජ ඩොලර් මිලියන 6,514ක් දක්වා පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 14.3කින් ඉහළ ගියේය.

කාර්මික අපනය : කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී සියයට 28.4කින් ඉහළ ගියේය. ඇඟලුම්වලින් ලද ඉහළ අපනයන ආදායම මෙම කාර්මික අපනයන ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය‍. සියලුම ප්‍රධාන වෙළඳපොළ (එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදුකළ ඇඟලුම් අපනයන වර්ධනය විය. මේ අතර, අනෙකුත් කාර්මික අපනයන භාණ්ඩ බොහෝමයක්ද, විශේෂයෙන්ම, මැණික් දියමන්ති හා සවර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදිත, සත්ත්ව ආහාර, සහ ආහාර පාන වර්ග හා දුම්කොළ, ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළේය. ප්‍රධාන වශයෙන් ගුවන් යානා සහ නැව් යන දෙඅංශයම සඳහා යොදාගනු ලබන ඉන්ධන වල සාමාන්‍ය අපනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ ගියේය. මේ අතර, ඉපැයීම්වල පහළ යෑමක් වාර්තාවූ අපනයන කාණ්ඩ වූයේ මූල ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, ඇලුමිනියම්, යකඩ සහ වානේ හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත), ප්‍රවාහණ උපකරණ (ප්‍රධාන වශයෙන්, පාපැදි), ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වෂයෙන්, ප්ලාස්ටික් මලු සහ බෑග්), සහ රසායනික නිෂ්පාදිත, (පුදාන වශයෙන්, රූපලාවන්‍ය හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධීය නිෂ්පාදිත) ය.

කෘෂිකාර්මික අපනයන : 2022 වසරේ ජුනි මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ආදායම, 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 9.2කින් ඉහළ ගිඅය අතර, මෙම ඉහළ යෑම සඳහා මුහුදු ආහාර (මූලික වශයෙන්, නැවුම් සහ ශීත කළ මාළු)  සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත , (මූලික වශයෙන්, පුවක්), සැලකිය යුතු ලෙස දායක විය. පොල් මසද ආශ්‍රිත නිෂ්පාදිත, එළවළු සහ ස්වාභාවික රබර් අපනයන ආදායම ද යම් ප්‍රමාණයකට ඉහළ ගියේය. මේ අතර, අපනයන පරිමාව අඩු වීම හේතුවෙන් තේ සහ කුළුබඩු අපනයන ආදායම, පිළිවෙළින්, සියයට 6.0කින් සහ සියයට 10.6කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) පහළ ගියේය.

ඛනිජමය අපනයන : 2022 වසරේ ජුනි මාසයේ දී ප්‍රධාන වශයෙන්, ලෝපස්, ලෝබොර සහ අළු කාණ්ඩය යටතේ වර්ග කරන ලද වයිටේනියම් ලෝපස් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන්, 2021 වසරේ ජුනි මාමසයට සාපේක්ෂව ඛනිජමය අපනයන ආදායම සියයට 34.8කින් පහළ ගියේය.

අපනයන දර්ශක : 2022 වසරේ ජුනි මාසයේ දී අපනයන පරිමා දර්ශකය සියයට 23.5කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, ඒකක අගය දර්ශකය සියයට 0.3කින් (වාර්සික ලක්ෂ්‍යමය පදනම මත) සුළු වශයෙන් ඉහළ ගිියේය. මේ අනුව, අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් අපනයන පරිමාවන් ඉහළ යෑම හේතු වූ බව සැලකිය හැකිය.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...