34 C
Colombo
Monday, May 6, 2024

සමන් රත්නප්‍රියත් දැන් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්

- Advertisement -

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.

සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

මීට පෙර පැවති යහපාලන රජයේ අවසාන සමයේ ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරනු ලැබූවා.

ඒ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහායි.

ඒ අනුව 2020 වසරේ පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රත්නප්‍රිය මහතා දිවුරුම් දුන්නා.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...