27 C
Colombo
Friday, May 3, 2024

හිරුණිකාට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම උසාවිය විසි කරයි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නාධිපති මන්දිරය අසල කලහකාරී ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මෙම ඉල්ලීම සිදුකර තිබුනා.

පසුගිය මස 06 වනදා ජනාධිපති මන්දිරය අසල කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරීමට එහිදී පොලීසිය කටයුතු කර තිබූ අතර ඉන් අනතුරුව එම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ ලැබූ අවස්ථාවේදී පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කළේ පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ආකාරය නීතියට පටහැනි බවයි. ඒ අනුව, අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කිරීමට කරනු ලැබූ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මීට අදාළව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකොට ලේඛන සහිතව ඉල්ලීම් කරන ලෙසයි මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට පෙන්වා දී තිබුනේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...