30 C
Colombo
Thursday, May 2, 2024

චීන නැවට අවසරය ලැබුන හැටි ඇමතිවත් දන්නේ නෑ..! – මෛත්‍රීපාල

- Advertisement -

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්‍රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුනි මස 28 වැනිදා යි. ඒ අනුව, එම නෞකාව ට ජූලි 12 වැනිදා හම්බන්තොට වරායට සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම අවසර නිකුත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කර නැහැ.

ඒ ලද අවසරය අනුව මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා චීනයෙන් පිටත්ව ඇති අතර ඉන්දියාවෙන් එල්ල වන පීඩනය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නැවතත් මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම දින කිහිපයකින් කල් දමන ලෙස පවසා ඇත්තේ එය දියත් කර දින 24 ක් මුහුදේ යාත්‍රා කිරීමෙන් ද පසුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

කෙසේ වෙතත් කලින් ලද අවසරය අනුව සැලසුම් කර සිදුකෙරුණු මෙම නාවික ගමන අනුව හෙට දිනයේ දී අදාළ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත්, ලබන 15 වැනි දා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නෞකාව ට සිදුකළ දැනුම්දීම සමගින් එහි පර්යේෂණ කටයුතු සහ සේවා කටයුතුවල යෙදෙන 2000කට ආසන්න පිරිසකට ආහාර සහ ජලය පවා අහිමි වීමේ අවදානමක් ඇති බවත් තව දින දෙකකින් චීනයේම නිෂ්පාදිත පී.එන්.එස් තයිමූර් (PNS Taimur) නැමති පාකිස්ථාන නාවික හමුදාවට අයත් මිසයිල දියත් කළ හැකි යුද නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

මෙලෙස එකම රටක නෞකා 2කට දෙවිදිහකට සැලකීම ජාත්‍යන්තර සබඳතා බරපතල ලෙස පළුදු කරන කාරණයක් බවත් තමන් විසින් ශක්තිමත් කරන ලද විදෙස් සම්බන්ධතා පසුගිය වසර 3 ක කාලය තුළදී බරපතළ ලෙස බිඳ වැටුණු බවත් මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...