31 C
Colombo
Saturday, May 4, 2024

පිලිපීනය වෙනුවෙන් අමෙරිකාව පෙරට එයි

- Advertisement -

දකුණු චීන මුහුදේදී පිලිපීනය වෙත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අමරිකාව පවසයි.

දෙරට අතර පවතින ආරක්ෂක ගිවිසුම පුළුල් කිරීම සඳහා සිය දායකත්වය දැක්වීමක් වශයෙන් අමෙරිකාව මේ බව සඳහන් කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු වුණේ පිලිපීනයේ නව ජනාධිපති ජූනියර් ෆර්ඩිනැන්ඩ් මාකෝස් හමුවීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පිලිපීනයේ මැනිලා අගනුවරට පැමිණ සිටින පසුබිමක් තුළයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස චීනය ආසන්න ආසියානු රටකට පැමිණ සිටින්නේ අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත්ව සිටින චීනය මතභේදකාරී යුද අභ්‍යාසයක නිරත වී සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් අමෙරිකාව පිලිපීනයට පවසා ඇත්තේ දෙරට අතර පවතින වසර 70 ක් පැරණි ආරක්ෂක ගිවිසුම යකඩ ආවරණයක් බවයි.

එමෙන්ම පිලිපීනය යනු අමෙරිකාවේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි මිතුරෙකු හා සමීප හවුල්කරුවෙකු බව ද රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...