මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඒ වෙනුවට වෙනත් සත්වයෙකු ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමට අවධානය යොමුව ඇති බවයි.
මත්තල, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිටින පාරම්පරික හේන් ගොවින් පිරිසක් සමග අමාත්‍යවරයා ඊයේ (13) ලුණුගම්වෙහෙර නවනගරය ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවක් අතරතුරේදී මෙම අදහස් පල වුණා.
ඊට එක් හේතුවක් ලෙස අමත්‍යවරයා පෙන්වා දෙන්නේ දඬු ලේනා විසින් වගාවලට හානී සිදු කිරීමයි.
ඒ අනුව දිවියා වැනි සතෙකු මෙරට ජාතික සත්වයා ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.