28 C
Colombo
Saturday, May 4, 2024

රුපියල් 250ට තෙල් දෙන්න පුළුවන් ද?

- Advertisement -

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදුකළ නිර්දේශයක් අනුව මෙම විමර්ශනය සිදු කරන බවයි.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ සියලු බදු ‍එක් කර ඉන්ධන ලීටරයක් රුපියල් 250ක් වැනි මුදලකට ලබාදීමේ හැකියාව ඇති බවයි.

ඉන්ධන මිල පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ වාර්තාව වැඩිදුර කරුණු විමසීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මේ වන විට යොමු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...