30 C
Colombo
Friday, May 3, 2024

පලා ගිය විදේශීය තරුණිය සොයා විමර්ශන ඇරඹේ

- Advertisement -

වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඇය මෙතෙක් රැඳී සිටි ස්ථානයෙන් මේ වන විට නික්ම ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ගාලුමුවදොර විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ අදාළ කාන්තාවගේ වීසා බලපත්‍රය අවලංකු කර ඇති බවත් අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටවන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි. කෙසේවෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසට නියෝගයක් ඉල්ලා කෙයිලි ෆෙසර් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය ප්‍රතික්ෂේප කිරිමට අධිකරණය පියවර ගනු ලැබීය.

ඒ අනුව ඇයට මෙරටින් පිටුවහල් වන ලෙස දැනුම් දී තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙතෙක් ඇය රටින් පිටුවහල් වී නොමැති බවයි.

නීතිවිරෝධී ලෙස අදාළ තරුණිය මේ වනවිට මෙරට රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...