33 C
Colombo
Saturday, May 4, 2024

ආන්දෝලනාත්මක චීන නැව අද මෙරටින් පිටත් වෙයි

- Advertisement -

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සඳහන් කරනවා.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණීමට සුදානම් වීමත් සමඟ ඉන්දියාවෙන් ඊට දැඩි බලපෑමක් එල්ල වු අතර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙය දිවයිනට පැමිණියේය. කෙසේවෙතත් චීන නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව පවසා තිබුණේ එම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් බවයි.

එම නෞකාව ජුලි මස 12 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද පැවැති ගැටලුකාරී වතාවරණය හමුවේ එම ගමන කල්දැමීමට තීරණය කර තිබුණි. කෙසේවෙතත් අවසානයේ දි දින 6ක සංචාරයක් සඳහා නෞකාව දිවයිනට පැමිණිය ද එම නෞකාව මඟින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසිදු නීතිවිරෝධි කටයුත්තක් සිදුනොකරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

RECENT ARTICLES - SINHALA

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...