32 C
Colombo
Monday, May 6, 2024

වතුර බිලත් 70%කින් ඉහළට?

- Advertisement -

ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මෙම තීරණය සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

නිවාසවල ජල ගාස්තුව 70% කින් ඉහළ යාමට නියමිත අතර කෙසේ නමුත් අඩු ආදායම්ලාභී නිවාසවල ජල ගාස්තු ඉහළ නොදමන බවත් ව්‍යාපාරික ස්ථාන සඳහා ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

මීට පෙර විදුලි ගාස්තුද ඉහළ දැමීමට පියවර ගත් අතර 70% ක ගාස්තු ඉහළ දැමීමක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළද ඇතැම් බිල්පත්වල අගය 100% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...