28 C
Colombo
Sunday, May 5, 2024

චීනයටත් විදුලි කප්පාදුවක් : ටොයෝටා ඇතුළු සමාගම් රැසක කර්මාන්තශාලා අඩපණ වෙයි

- Advertisement -

අධික උණුසුම් තත්ත්වයත් සමග නිරිතදිග චීනයේ මිලියන පහකට අධික ජනතාවක් අඛන්ඩ විදුලි කප්පාදුවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට නොහැකි තත්ත්වය හේතුවෙන් කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

සිචුවාන් පළාත පුරා උෂ්ණත්වය පසුගිය දිනවල සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර, එය වායු සමීකරණ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමට හේතු විය.

අධික උෂ්ණත්වය සමග ජලාශ සිදී යාම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි මට්ටමක් ඇතිවී තිබේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ මිලියන 5.4 ක ජනගහනයක් සිටින දාසාහු නගරය වෙත ඊයේ දිනයේදී කඩින් කඩ විදුලි සැපයුමක් ලබාදීමට සිදුවූ බව එහි පිහිටි ප්‍රාදේශීය බලශක්ති සමාගම සඳහන් කරයි.

සිචුවාන් පළාතේ පිහිටි ටොයෝටා කර්මාන්ත ශාලාවක් ඇතුළු ප්‍රධාන පෙලේ කර්මාන්ත ශාලා රැසක නිෂ්පාදන කටයුතු මෙම විදුලි කප්පාදුව හේතුවෙන් ඇන හිටීමට ලක්ව ඇති බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...