25 C
Colombo
Wednesday, May 1, 2024

නෙළුම් කුළුණටත් QR ක්‍රමයක්..! – ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙන්න

- Advertisement -

කොළඹ “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එහි දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන බවයි.

ඒ අනුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බවයි කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පවසන්නේ.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන අතර මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936ක් මේ වනවිටත් ගෙවා අවසන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරෙනවා.

මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකියි.

තව ද රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් බවත් ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දිනය අදයි

කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) සමරනු ලබනවා. 1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය...

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...