31 C
Colombo
Tuesday, May 21, 2024

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

- Advertisement -

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

ඒ, සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බවයි.

මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කාරක සභාව ඉල්ලීම් කර තිබුණ ද නීතිපතිවරයාගෙන් විමසීමකින් තොරව එම තොරතුරු ලබාදිය නොහැකි බවට මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම, මෙම බදු සහනය මඟින් රුපියල් මිලියන100 සිට වාහන ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ  අතර, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ බොහෝ සාමාන්‍ය රැකියාවල නිරත ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවද කාරක සභාවේදී සාකච්ඡාට ගැනුණු බවයි.  

මේ වන විට බලපත්‍ර 1,019 ක් ලබා දී ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙතෙක් ලබාදී ඇති වාහන බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46ක් බව අදාළ නිලධාරීන් සඳහන් කර තිබුණා.

මුදල් කාරක සභාව තවදුරටත් අවධාරණය කර ඇත්තේ වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සඳහා පවතින එකම අවස්ථාව මෙය වන බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

දන්සැල් තියෙන තැන් හොයාගන්න ඇප් එකක්

එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. Google Play Store වෙත පිවිස...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කිරීමේ තීරණයක්

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...