33 C
Colombo
Friday, May 3, 2024

මර්දනය තියෙන තුරු ශ්‍රී ලංකාවට සල්ලි එවන්න එපා..! – ෆීලිඩ් මාර්ෂල්

- Advertisement -

අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු මෙරටට මුදල් නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ, ඊයේ (02) දින අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින්.

අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවත්රටේ අරගලය අවසන් නැති බවත් එය අළු යට ගිනි පුගුරු සේ මතුවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

එම ගිනි පුගුරු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බවත් අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් හෙතෙම පවසනවා.

අරගලය පොහොට්ටුවේ පිරිසගේ ඇඟේ නොමැති නමුත් ඔවුන්ගේ බඩේ මෙන්ම ඔවුන්ගේ කුස්සියේ ද අරගලය ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කවදා හෝ ඔවුන්ට ද අරගලයට පැමිණීමට සිදු වන බව පෙන්වා දෙනවා.

මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි තමා නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ෆොන්සේකා පවසනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...