31 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලාංකිකයන්ගෙන් 48%කට අව්වෙන් නොමිලේ ලැබෙන විටමින් D ත් ඌණයි

- Advertisement -

ශ්‍රී ලාංකිකයන් 48%ක් විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙනවා.

දකුණු ආසියානු කලාපයේ සිදුකළ සමීක්ෂණයක් අනුව මේ බව හෙළි වූ බව කොළඹ දී පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔවුන් පවසා සිටියා.

පාසල් දරුවන් අතරත් ළඳරුවන් අතරත් මෙම තත්වය දක්වනට ඇති බව පවසන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවනි ලියනගේ වැඩිදුරටත් පවසන්නේ ගර්භණී සමයේ මවුවරුන්ට විටමින් ඩී ඌණතාවය පැවතීම මීට හේතුවන බවත් සොයාගෙන ඇති බවයි.

කොවිඩ් සමයේ නිවෙස් වල සිටීම හරහා සූර්‍යාට නිරාවරණය නොවීම හේතුවෙන් පාසල් දරුවන්ට මෙම උණතාවය ඇතිව ඇති බවත් ඇය පවසනවා.

එමෙන්ම, හිරු එළියට අමතරව රතු මස්, පීකුදු, බිත්තර කහමද, සාලයා, සූඩයා, හුරුල්ලා, බෝලයා වැනි තෙල් සහිත මසුන්ගෙන් විටමින් ඩී ලබාගත හැකි බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ පවසන්නේ.

උදෑසන 10 සිට පස්වරු 3 දක්වා කාලය තුල දෛනිකව විනාඩි 15-30 අතර කාලයක් හිරු එලියට නිරාවරණය වීම අනුමත කරන බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...