25 C
Colombo
Thursday, May 9, 2024

සෞඛ්‍ය සේවයට පරිත්‍යාග ලබාගන්න නව ගිණුමක්..!

- Advertisement -

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එම ගිණුම හරහා සෞඛ්‍ය පද්ධතියට කෙරෙන පරිත්‍යාග ලබාගැනීමට නියමිත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව එම ගිණුම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

මේ වනවිට රට තීරණාත්මක පරිච්ඡේදයට මුහුණදී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ

එම තත්ත්වය තුළ ලොව පුරා රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධානවල සහය අත්‍යවශ්‍ය බවත් මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රටෙහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහයෝගය වෙනුවෙන් පරිත්‍යාග ලබාගැනීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

රටෙහි සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග ඔස්සේ සියලු අවශ්‍යතාවන් සම්පුර්ණ කළ නොහැකි වුවද එම අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීම වෙනුවෙන් උපරිම උත්සාහයක යෙදෙන බවයි කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නෙ .

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...