27 C
Colombo
Saturday, April 27, 2024

ගාල්ලට අලුත් අත්දැකීමක් සමගින් මෙවරත් Galle Food Festival

- Advertisement -

ගාල්ල දිස්ත්‍රික්කයට අලුත් අත්දැකීමක් එක්කරමින් මෙවරත් Galle Food Festival අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 17 හා 18 යන දෙදින ගාලු කොටුව උසාවි චතුරශ්‍රයේදී මෙවර Galle Food Festival පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන Galle Food Festival සැප්තැම්බර් 17 හා 18 යන දෙදින පස්වරු 03 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එම දින දෙකෙහි විවිධ වර්ගයේ ආහාරවල රස විදීමට එහි පැමිණෙන ඔබට අවස්ථාව හිමිවන අතර සංගීත රසාස්වාදය ලබාගෑනිමටද අවස්ථාව හිමිවනවා.

3SIXTY හා LEGATO සංගීත කණ්ඩායම් එම දින දෙකෙහි සංගීතය සපයන අතර ෆැලන් ඇන්ඩ්‍රියා, මිහිදු ආරියරත්න, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතයි.

මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පීන්ද මෙවර Galle Food Festival වර්ණවත් කිරීමට පැමිණෙනවා.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...