32 C
Colombo
Friday, May 10, 2024

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

- Advertisement -

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.  

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සංදේශයක් භාර දී තිබුණා.

ඒ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමට අදාළව චෝදනා එල්ලවී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින්.

මේ අතර, අක්ෂි රෝගීන් සඳහා භාවිත කරනු ලබන ඖෂධයක් හේතුවෙන් ආසාත්මිකතා ඇති වූවන්ට මෙන්ම ඇස් අන්ධ වූවන් වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් ආරම්භ කර වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධික උණුසුමෙන් යාපනයේ තවත් මරණයක්

යාපනය - පුන්නලයි කට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිවඥානම් ජයකුමාර් (45) නැමැති මොහු දහවල් මිතුරන් පිරිසක් සමඟ මත්පැන්...

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවේ සංචාරයක

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මැයි 10 සිට 15...

දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...