30 C
Colombo
Tuesday, May 7, 2024

මහ රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවට නිවාඩු..!

- Advertisement -

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.

රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

නවසීලන්තය මෙන්ම, ඕස්ට්‍රේලියාව ද එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර, මහා බ්‍රිතානයේ රාජ්‍යත්වයට පත් වූ තුන්වන චාර්ල්ස් රජු ඊයේ පළමු වරට එරට පාර්ලිමේන්තුවට පැමිණියා.

එහි දී රැජින වෙනුවෙන් ශෝක ප්‍රකාශය සිදු කෙරුණු අතර අනතුරුව චාර්ල්ස් රජු ස්කොට්ලන්තයේ එඩිම්බරෝ බලා පිටත්ව ගියේ රාජකීයන්ට ගෞරව දැක්වීම සඳහා රැජිනගේ දේහය තැම්පත් කර ඇති හෝලි රූඩ් හවුස් වෙතයි.

ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සැළසෙනු ඇති.

ඉන් පසුවයි දේහය ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දෙවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතව ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

විරෝධතාවයක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා. එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...