29 C
Colombo
Friday, May 17, 2024

ක්‍රීඩිකාවන් පිළිගන්න මම නොගිහින් කවුරු යන්නද ? – රාජ්‍ය අමාත්‍ය රෝහණ

- Advertisement -

තමන් පසුගියදා ආසියානු ශූරතාවය දිනූ දැල්පන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපලට ගියේ ඇයිදැයි පැහැදිළි කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඊයේ (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු සඳහන් කළේ තමන් ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු බැවින් ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයන් පිළිගැනීමට ගුවන්තොටුපළට යෑමට ඉතාමත් සුදුසු පුද්ගලයා තමන් බවයි.

තමන් කුඩා කළ සිටම ක්‍රීඩාකළ අයෙක් බවත් ඒ අනුව පාපන්දු, හොකී, ක්‍රිකට්, ටේබල් ටෙනිස් හා මළළ ක්‍රීඩා යන සියලුම ක්‍රීඩා තමන් සිදුකර ඇති බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තමන් සමස්ත ලංකා දැල්පන්දු තරඟාවලියක් මාතලේ දිස්ත්‍රික්කය තුළ සංවිධානය කර ජයග්‍රහකයන්ට ත්‍යාගද බෙදාදුන් අයෙක් බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

මෙම ක්‍රීඩා හැකියාවන් නිසා තමන්ට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් හැර ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපලට යෑමට වෙනත් සුදුසු පුද්ගලයෙක් සිටියිදැයි අමාත්‍යවරයා මෙහිදි විමසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...