29 C
Colombo
Friday, May 3, 2024

සත පහක් දුන්නෙ නෑ, දැන් ඉස්සරහට එනවා..! – රන්ජනි ජයකොඩි

- Advertisement -

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීමට කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඔවුන්ගේ ඉදිරියෙන් ඡායාරූප වලට පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හට සමාජ මාධ්‍ය තුළින් දැඩි විරෝධයක් එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල් පන්දු හිටපු සභාපතිනි රන්ජනි ජයකොඩි පවසන්නේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් කිසිවක් නොකළ අයෙක් මෙලෙස ඡායාරූප වලට පෙනී සිටීමට පැමිණ ඇති බවයි.

ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වන ඇඳුම්, නවාතැන් පහසුකම් යනාදිය සම්බන්ධව කොතෙක් ඉල්ලීම් කළද ඒ සම්බන්ධව කිසිවක් නොකළ බවත් ගුවන් ටිකට්පත පමණක් ලබාදීම නිසා අනෙකුත් වියදම් සපයා ගැනීමට ඉතාමත් දුෂ්කර වූ බවත් සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඇය පවසනවා.

රන්ජනි ජයකොඩි පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලෙසත් කලක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙසත්, සබරගමුව පළාත් සභාවේ ලේකම්වරිය ලෙසත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...