32 C
Colombo
Saturday, May 4, 2024

අපිත් ඉන්නෙ අමාරුවෙන්..! – ඇමති අමරවීර

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයෙන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පීඩා විඳිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, සූරියවැව ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් සඳහා තම පෞද්ගලික වියදමින් වියළි ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින්.

වර්තමානයේදී කිසිවෙක් සැපපහසු ජීවිතයක් ගත කරනවා යැයි කිව නොහැකි බව‍යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මතුව ඇති තත්වයට වගකිව යුතු දේශපාලනඥයන් හෝ නිළධාරීන් සොයමින් සිටීම නොව සිදුකළ යුත්තේ සියලුදෙනා එකට එකතු වී අර්බුදයෙන් මිදීමට අවශ්‍ය පියවර ගැනීම බවද අමරවීර පෙන්වා දෙනවා.

මේ සියලු අර්බුද සමග ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස ජනතාවට මුහුණදීමද අසීරු බවයි කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ. කෙසේ නමුත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විපක්ෂයේ සිටිමින් කෑගැසීම නොව තිබෙන කුමන හෝ ආණ්ඩුවකට එකතු වී දේශපාලනඥයෙකු ලෙස රට වෙනුවෙන් සේවය කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කරනවා.

සාමාන්‍ය ජනතාව පමණක් නොව දේශපාලනඥයන්ද ඉතා අසීරුවෙන් ජීවත් වන නමුත්, හැකි ආකාරයෙන් අසරණ ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...