31 C
Colombo
Friday, May 3, 2024

සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමය පෙරට

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අගෝස්තු මස 23 වනදා සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයක් තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි.

දිවයිනේ සියලු මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරනවා.

එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු බලය අභියෝගයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණය සතු ගෞරවය හෑල්ලුවට ලක්කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...