28 C
Colombo
Sunday, May 5, 2024

ලංකාවේ නීතිපති ගැන ජාත්‍යන්තර විනිසුරන්ගේ කණස්සල්ල..

- Advertisement -

ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු චුදිතයන් නිදොස් කොට නිදහස් කිරීම මගින් මූර්තිමත් කරන්නේ යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම යැයි විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (අයි.සී.ජේ) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නමුත් නීතිපතිවරයා ඊට හේතු හෙළි කර නොමැති යැයි ද වසර පහකට පසුව එසේ චෝදනා ඉල්ලා අස්කර ගැනීම ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් යැයි ද අයි.සී.ජේ සංවිධානය චෝදනා කරයි. 

පිල්ලෙයාන් නිදොස්කොට නිදහස්කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා චූදිතයන් සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් අයුරින්ම නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව යැයි නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත. 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝෂප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කෙරුණේ 2005 නත්තල් දින දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදීය.

ඝාතනය සිදුවන අවධිය වන විට ටී.එම්.වී.පී හෙවත් කරුණා පාර්ශ්වය රජයේ අනුග්‍රහය ලැබූ පැරාමිලිටරි සංවිධානයක් හැටියට කටයුතු කළේය. 

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...