28 C
Colombo
Sunday, May 5, 2024

විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට මන්ත්‍රීගෙන් බැනුම්

- Advertisement -

කොළඹ 7 ප්‍රදේශයේ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් විසන්ධි කිරීමට අද (23) උදෑසන ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට යහපාලන රජයේ හිටපු ඇමතිවරයෙක් විසින් බැනවැදී එලවා ඇති බව වාර්තා වනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ දකුණ විදුලිබල කාර්යාලයේ සේවකයන් දෙදෙනෙක් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

අදාළ නිවසේ වසන්තා ජයසුරිය යන අයට අයත් නිවසේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය අවස්ථාවේ එම නිවසේ දැනට පදිංචි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඇතුළු දෙදෙනෙක් විසින් ඔවුන් දෙදෙනාට බැනවැදී නිවසේ ගේට්ටුවෙන් එළියට තල්ලු කර දැමු බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ.

වාර්තා වන අන්දමට එම නිවසේ රුපියල් ලක්ෂ 2ක හිඟ විදුලි බිලක් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...