31 C
Colombo
Saturday, May 4, 2024

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

- Advertisement -

පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ එම දිස්ත්‍රික්කයේ HIV ආසාධිතයින් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්.කේ. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා කියා සිටියේ මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් HIV ආසාධිතයින් 16 දෙනෙක් හමුවී ඇති බවයි.

ඉන් ආසාධිතයින් 05 දෙනෙක්ම පාසල් ළමුන් බවයි ඒ මහතා සඳහන් කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ථ HIV රෝගීන් ගණන 82ක් බවත් ඒ අතුරින් වැඩිම පිරිසකට මෙම රෝගය වැළදීමට ආසන්නම හේතුව ලෙස සමලිංගික ඇසුර හඳුනාගෙන ඇති බවයි අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වය මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළවල් හා ප්‍රසිද්ධ ස්ථාන සහ මහජනයා වැඩි ලෙස ගැවසෙන ස්ථානවල මෙම කොන්ඩම් කවුළු ස්ථාපිත කර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට කටයුතු කරන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...